• (+94) 77 203 1876
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Nabadawa Sumangala M.V.

නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

Udugama zone

  • Register
  • Login
Nabadawa Sumangala M.V.

නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

Udugama zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පතිතුමිය
      • නියෝජ්‍ය විදුහල්පතිතුමිය
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

                      

 

                          1931 ජුනි 25 දා නඛදව විද්‍යාලය ආරම්භ කෙරුණු අතර පාඨශාලාධිකාරි ධූරය ගෞරවාභි කතලුවේ ශ්‍රි සුමංගල නා හිමිපානෝ ඉසිලූහ.1931 අගෝස්තු මාසයේ දී ප්‍රභූවරයෙකු වූ එම්.ඩබ් අමරසූරිය මැතිතුමාණන්ට එහි කළමනාකාර ධූරය පවරා දෙන ලදි.එතුමා නබදව පත්තිනි ගෙවත්ත නැමැති ඉඩම මිලදී ගෙන වර්තමාන විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල වන 80×20 ප්‍රමාණයේ ස්ථීර ගොඩනැගිල්ල සිය වියදමින් ඉදිකොට පාසලේ ස්ථාවරත්වය රැක දෙන ලදි.එවකට අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරය ඉසිලූ ඇල්.ඇම්.ඩී රොබින්සන් මැතිතුමා 1936 මැයි 17 දා එම ගොඩනැගිල්ල විවෘත කර නබදව වතෝගල සිංහල පාඨශාලාව යනුවෙන් රඡයේ ලියා පදිංචි කොට සමාගම් පාලනයට නතු කරගන්නා ලදී.

                           ආරම්භයේ දී ශිෂ්‍ය සංඛයාව 40 ක් පමණ වූහ.1933 දී 101 වූ අතර 1940 වන විට 201 දක්වා ඉහළ නැග තිබුනී.විදුහල්පති ද ඇතුළුව ගුරු මණ්ඩලය 04 ක් වූහ.8 ශ්‍රේණිය දක්වා පන්ති පැවතුනි.ආරම්භක මුල්ගුරු වශයෙන් යූ.එච්.පි සිල්වා මහතා සේවය කර ඇත.අනතුරුව කේ.කේ.ඡී තේනිස් මහතා ද,1937 දී ඊ වික්‍රමතුන්ග මහතා ද එම ධූරයට පත් වී ඇත.ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛයාව ඉහළ ගිය හෙයින් අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සදහා 50×18 ප්‍රමාණයේ තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කොට රාජ්‍ය මන්ත්‍රී එච්.ඩබ් අමරසූරිය මැතිතුමා විසින් විවෘත කරන ලදී.1941 දෙසැම්බර් මස කේ.කේ.ජී තේනිස් සිල්වා මහතා වරක් මුල්ගුරු තනතුරට පත්විය.1947 වන ශිෂ්‍ය සංඛ්‍යාව 230 ක් ද,ගුරු සංඛ්‍යාව 06 ක් ද,සිටීමෙන් පාසලේ කිසියම් වර්ධනයක් සිදු වී ඇති බව පැහැදිලිය.

                           1954 දී සිරිමෙවන වතුයාය හිමි සත්ගුනවත් එච්.බී ගුනවර්ධන මැතිතුමාගේ හා ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් ඉදි කරන ලද නව ගොඩනැගිල්ලක් බද්දේගම පදිංචි මෙරායා ගුණවර්ධන මැතිනිය අතින් විවෘත කරන ලදී.1954 දී මුල්ගුරු වශයෙන් බී.ඩබ් ගමනායක මහතා පත් වූ අතර 1958 දී පී.එන් හල්ලොලුව මහතා එම ධූරය හෙබවිය.1960 දී හල්ලොලුව මහතා විශ්‍රාම යාම නිසා එම ධූරයට පී.එන් ද සිල්වා මහතා පත් කරන ලදී.1956 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 341 ක්ද,ගුරු මණ්ඩලය 09 ක්ද වූහ.1960 පමණ වන විට සිසුන් 350 දක්වාද,වැඩි වී ඇත.කනිෂ්ඨ පංතිය දක්වා සීමා වී තිබූ පංති ක්‍රමයෙන් ඡෙෂ්ඨ පංතිය දක්වා දීර්ඝ කල යුතු යැයි අනුමත කෙරුනේ 1957.01.01 දිනයේදී ය

                          1962 ඡනවාරි 01 ද වැදගත් විය.මෙතෙක් උපකෘත පාසලක් වශයෙන් පැවති නබදව විද්‍යාලය රජයේ පාලනය යටතේ පවරා ගෙන ඇත්තේ එදිනදී ය.1967 දී පී.ඒ සයිමන් ද,සිල්වා මුල්ගුරු පදවියේ වැඩ බාර ගත්තේය.අනතුරුව 1969 දී එම්.කේ.එස් ද,සිල්වා මහතාත් මුල්ගුරු පදවිය‍ භාරගෙන කටයුතු කර ඇත.

                          අයි.එච්.බී ගුණදාස මහතා විසින් පාසලට අඩුපාඩුවක්ව පැවති විදුලි බල සැපයුම සදහා මෙතුමා මූලිකත්වය දෙන ලද අතර ආර්.කේ ධර්මදාස මහතා එහි ඉදි කිරීම් කටයුතු සිදු කරන ලදී.1991.06.28 කබුරුපිටිය ගම් උදාවේදී දඔල වගාව පිළිබද දකුනු පළාතේ පාසල් අතර පැවති තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා එයට හිමි ත්‍යාග හා සහතික පත්‍රය ලබා ගැනීමට හැකි විය.

ආරම්භ කළ වර්ෂය

1931 ජුනි 25

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

4

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

40

මුල් ගුරුතුමාගේ නම

යුූ.එච්.පී.සිල්වා මහතා

පාසලේ ආදි කතෘගේ නම

කතලුවේ ශ්‍රී සුමංගල හිමිපාණෝ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

නබදව මහා විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1962 ජනවාරි 01

පාසල පැවැත්වූ ස්ථානය

නබදව,පත්තිනි ‍ගෙවත්ත

 

 

 

 

 

 

Nabadawa Sumangala M.V.

නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

Udugama zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය නබදව,යක්කලමුල්ල
  • දුරකථන(+94) 77 203 1876
  • විද්‍යුත් තැපෑල [email protected]

Supported By

© 2026 Nabadawa Sumangala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk