නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ පණිවිඩය
නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

ගා/උඩුගම අධ්‍යාපන කලාපයේ,යක්කලමුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ,යක්කලමුල්ල නගරයට ආසන්නම පාසල වන ගා/නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලය රටට දැයට පමණක් නොව ලෝකයටම වටිනා පුරවැසියන් බිහිකල මහඟු පිං බිමකි.දිනෙන් දින පාසල ලබන විභාග ජයග්‍රහනණ මෙන්ම,ක්‍රීඩා වැනි වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම් මගින් ලබන ජයග්‍රහණ වලින් ,එය මනාව පැහැදිලි වේ.
ළමා පරපුර තුලින් සාරධර්ම ගිලිහී යමින්,විශාල ලෙස දූෂිත සමාජ රැල්ලක් බිහිවන යුගයක ,බුද්ධිමත් නිර්මාණශීලි දරුවෙකු බිහි කිරීමට,නිවැරදි මග පෙන්වන්නේ ,ගුරුවරුන් වූ අපමය. එබැවින් ඔවුන ද මෙහිදී ගෞරවාදරයනේ සිහිපත් කරමි .
ශ්‍රි සුමංගල මව් තුරුලේ සෙවන ලබන සෑම දරුවෙකුගේම හැකියාවන් ඔප මට්ටම් කොට සමාජයට හොද පුරවැසියන් බිහි කිරීම,පිණිස නිහඩ උතුම් සේවයක් කිරීම මාගේද පරමාර්ථයයි .
නව ලොවට පියනගන්නට ගුණ ණැනින් සපිරි, විනය ගරුක දරුවන් රටට බිහි කීරීමට විදුහල් මාතාවට ශක්තිය ධෙෙර්ය ලැබේවායි! මාගේ පැතුමයි.
නියෝජ්‍ය විදුහල්පතිනිය,
නබදව මහා විද්‍යාලය